Tumgik
lankasara · 1 month
Text
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ අංශයට අති නවීන සි.ටී. ස්කෑන් යන්ත්‍රයක්… විටිනාකම මිලියන 220ක්…
ශ්‍රියානි විජේසිංහ –                                                                                      මෙටර රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වන කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වෙත රුපියල් මිලියන 220ක වටිනාකමින් යුතු නවීන තාක්ෂණයෙන් යුතු සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් (128 Slice CT Scan ) රෝගී ප්‍රතිකාර සේවාව සඳහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
Surge in Firecracker Sales Reported during this Festive Season Despite the Economic Slowdown
Dinesh Fernando, President of the All Ceylon Fireworks Manufacturers Association, has reported a remarkable increase in the sales of firecrackers during this Sinhala and Tamil New Year, defying expectations amidst a broader slowdown in consumer spending. Fernando noted that while sales of most consumer goods remained subdued, the demand for firecrackers, including traditional favorites, has seen…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
හොරණ ද්විත්ව ඝාතනයේ ඝාතකයා ලෙස හැඳින්වීමෙන් පසු ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයා සැබෑ අපරාධකරු ද?... 
ජානක ලියනආරච්චි – හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රිඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් මරණයට පත් වී ඇත්තේ උදරයට සහ  පපුවට වැදුන වෙඩි ප්‍රහාර දෙකකින් අභ්‍යන්තර අවයවවලට හානි වීම නිසා බව මරණ පරීක්ෂණය සිදුකළ අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ. ඔහුගේ උකුල් ඇටයට පහළින්  කලව ප්‍රදේශයට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
ඛණිජ තෙල් බෙදා හරින පුද්ගලික ටැංකි රථ හිමියන්  වර්ජනයක් ගැන ඉඟි කරති...
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඛනිජ තෙල් අලෙවිකරුවන් සඳහා වට්ටම් මත වැට් බද්දක් ක්‍රියාත්මක කළද අප්‍රේල් 20 දක්වා අඛණ්ඩ ඉන්ධන බෙදා හැරීම සහතික කරන බවත් ඉන් අනතුරුව මේ ගැටලුවට නිසි පිළියමක් නොලැබෙන්නේ නම්  රටේ සියලුම ඉන්ධන බෙදුම්කාර සමාගම් සමග එක්ව වර්ජනයක් දක්වා දිවෙන වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්   ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ උප සභාපති කුසුම්…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
උණ සන්නිපාත අවදානමක්… දුර ගමන් බස් නවත්වන තැන්වල ප්‍රශ්නගත ආපනශාලා ඇතුළු ආපනශාලාවලින් ආහාර ගැනීම කල්පනාවෙන්… GMOA කියයි…
ශ්‍රියානි විජේසිංහ –                                                දුර ගමන් බස් රථ නතර කරන ආපන ශාලා ඇතුලු ආපනශාලාවලින්  ආහාර ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.  උණසන්නිපාත රෝගීන් කීප දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කීපයකින් වාර්තා වන බවත් එය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බැවින් අනියත් බියක් ඇති කර නොගන්නා ලෙසත් පවසන රජයේ…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කරලා... සැමියා සැක පිට අත් අඩංගුවට...
ජයකාන්ත ලියනගේ  –  බළපිටිය  අඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ නිවසක විසූ 43 හැවිරිදි කාන්තාවක් අද (11) උදෑසන ගෙල කපා ඝාතනය කර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ  ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා නිරෝෂණී විතාන (43) නැමැති අයයි. ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට අද (11) පෙරවරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර මෘත දේහය…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
President Ranil Wickremesinghe to Contest Presidential Election under a Different Symbol
Internal sources within the government have revealed that President Ranil Wickremesinghe plans to depart from the United National Party’s traditional elephant logo and instead run with a common symbol in the upcoming presidential election. While Wickremesinghe previously contested presidential elections under a common logo, uniting various parties, he has opted to represent the United National…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG පාතාලය සමග ඩීල් දානබව කියන හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා මගෙන් රටට සංවිධානය CID යයි!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පාතාලයෙන් කප්පම් ලබා ගැනීමට සූදානම් වන බවට සැක සිතිය හැකි හඬ පටයක් සංසරණය වෙන බවත් ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් කියමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (10)  උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මේ සිද්ධිය එසේ මෙසේ…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
කැඩිය හැකි හැම නීතියම කඩලා ඉදිරිපත් කළ කෙහෙළියගේ  රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න- නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි!
නෙල්කා මැදගෙදර – දිනමිණ – අධිකරණයට කරුණු වසන් කරමින්, අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් සහ බන්ධනාගාර පනත යටතේ වරදක් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි! ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
අලුත් අවුරුදු කාලයේ සිදුවන හදිසි අනතුරුවලින් සියයට 36ක් ගිනි කෙළි අනතුරු... සෞඛ්‍ය ලේකම් කියයි!
ශ්‍රියානි විජේසිංහ –                                               සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ සියයට 36 ක් හදිසි අනතුරු සිදු වනුයේ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.  රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතය නිසා සියයට 17 ක් අක්ෂි ආබාධ වාර්තා වන බවත් එම අනතුරු සියල්ලක්ම සිදු වනුයේ අනාරක්ෂිත භාවිතයන්  නිසා බවත් ඔහු ප්‍රකාශ…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
විවාහ ගිවිසගෙන ප්‍රංශ තරුණයාගේ සේසතට විද්ද කිළිනොච්චියේ ගැහැණියක්...
දිනසේන රතුගමගේ – ප්‍රංශ ජාතික තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන ඔහුගෙන් රත්තරන් පවුම් 42 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 60 ක්   ත්‍යාග ලබාගත් කිළිනොච්චියේ තරුණියක් ප්‍රංශ ජාතිකයා කිළිනොච්චියට පමිණෙන විට අතුරුදහන් වීමේ සිද්ධියක් කිළිනොචිච් පොලිසියෙන් වාර්තා වේ. මේ දෙදෙනා යාපනයේ පැවති විවාහ මංගල උත්සවකදී එකිනෙකා දැන හදුණාගෙන ඇති අතර තරුණිය ප්‍රංශ ජාතික තරුණයාට ප්‍රකාශ කොට ඇත්තේ තම දෙමව්පියන් යුද්ධයෙන්…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
මිනී මරන්න නෙමෙයි... මගේ දරුවා සතෙකුටවත් ගලකින් ගහන්නේ නෑ... පොලිස් වෙඩි පහරින්  මියගිය ගුවන්හමුදා සෙබලාගේ නැන්දනිය හඬා වැටෙමින් සාධාරණය ඉල්ලයි...
මීගොඩ බී.කේ. කස්ත්‍රිආරච්චි – කුඩා කල සිට තමන් ලඟ  හැදී වැඩුන දරුවා මිනී මැරීමට නොව, සතෙකුටවත් ගලකින් ගසන අයෙක් නොවන බවත්, මේ සාහසික පොලිස් අපරාධය සම්බන්ධව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ගුවන් හමුදා රග්බි ක්‍රීඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් ගේ නැන්දනිය මල්ලිකා රාජපක්ෂ ප්‍රකාශ කළාය. සිද්ධිය වන දින රාත්‍රී 11ත් පසුවන තුරු වත්තල් සිටි…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
එට්නා ගිනි කන්දෙන් නිකුත් වන වාෂ්ප වළලු....
යුරෝපයේ වඩාත්ම සක්‍රීය ගිනි කඳු අතරින් එකක් වන ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් නිකුත් වන වාෂ්ප වළලු පිලිබඳව විදෙස් මාධ්‍යයන් ගේ අවධානය යොමුව තිබෙනවා. ඇතමුන් ඒවා දුම් වළලු ලෙස හඳුන්වා තිබුනත් ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ගිනි කඳු විද්‍යාඥවරියක් වන ඇනා කැසාස් රමෝස් පවසන්නේ ඒවා ඝනීභවනය වූ ජල වාෂ්ප බවයි. එය,  එට්නා ගිනි කන්දෙන් වාෂ්ප හා වායු නිරන්තරයෙන් මුදා හැරීම නිසා ඇති වූ දුර්ලභ සංසිද්ධියක්…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
ඝාතන වැලේ තවත් බිල්ලක්... ගම්පහ කිරිඳිවිට දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි...
දිගින් දිගටම රට පුරා සිද්ධවෙමින් ඇති ඝාතන වැලේ තවත් ලේ ලකුණක් තබමින් ගම්පහ  කිරිඳිවිට හන්දියට නුදුරු  කටුගස්තර පාරේ ටිංකරින් වැඩපලකට වෙඩි තබා  දි පුද්ගලයෙක්   ඝාතනය කර තිබේ. නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම ටිංකරින් වැඩපලේ හිමිකාර ටිංකරින් කාර්මික ශිල්පියාය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද ටිකංකරින් කාර්මිකයා සහ තවත් පුද්ගලයෙක්    බරපතල තුවාල සහිතව ගම්පහ රෝහලට ඇතුළතු කර ඇති අතර ටිංකරින් කාර්මිකයා මිය ගොස්…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකය  - සමගි බුද්ධි මණ්ඩපය රට ගොඩනගන නුවණ කියන සංවාදය අරඹයි!
ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකයවන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව රට ගොඩනගන නුවණ තේමාව යටතේ ඊයේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විනි. සමුළුවේ අරමුණ වූයේ ශ්‍රි ලංකාව යළි ගොඩනැගීම සඳහ විද්‍යාත්මක සහ ප්‍රයෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම හා සැලසුම් කිරීමය.  ඒ සඳහා තම සහය සමගි ජන බලවේගයට වෙත ලබා දීමට මෙරට සියලු…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
ආයුධ ගත් රගර් ක්‍රීඩකයා සහ අවසන් නඩු තීන්දුව දෙන පොලිසිය !
පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්  පොලිස් වෙඩි පහරකින් අද (08) උදෑසන ඝාතනය වුනේය.   දිලන්ත ලක්මාල්   සේවය කරමින් සිටියේ රත්මලාන කඳවුරට අනුයුක්තවය.  ඔහු ගේ ඝාතනය එක්වරම රට කම්පනය කළේ ඔහු ශ්‍රි ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වීමය. මෙම තරුණ ක්‍රීඩකයා පාතාලයේ කුලී ඝාතකයෙක් ලෙස ක්‍රියා…
Tumblr media
View On WordPress
0 notes
lankasara · 1 month
Text
2024 මාර්තු මස ICC   ක්‍රීඩකයා කමිඳු....  
2024 මාර්තු මස ICC පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හිමිකරගෙන ඇත. මෙන්ඩිස්, අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි ඇතුළු ප්‍රබල තරගකරුවන් අභිබවා ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මාසය පුරා  පිටියේ ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් රසිකයින්ගේ සහ විචාරකයන්ගේ සිත් ඇද බැඳ ගත් අතර, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය වූ පිතිකරුවෙකු ලෙස ඔහුගේ කීර්තිය…
Tumblr media
View On WordPress
0 notes